හොදයි මම ඔයාලට මුලින්ම කියල දෙන්න යන්නේ ලොව පුරා ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත වන පරිඝනක භාශාවක් වන ජාවා පරිඝනක භාශාව පිලිබදවයි..
ජාවා පරිගණක භාෂාව භාවිතා කරලා විවිධ පරිගණක මෙහෙයුම් පද්ධති වල එකසේ ක්‍රියාත්මක වන මෘදුකාංග නිපදවීමට පුලුවන්. ජංගම දුරකථන,ඩෙක්ස්ටොප් පරිගණක මෘදුකාංග සහ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් භාවිතා කරන සර්වර් සයිඩ් භාවිත යෙදුම් නිපදවීමටද ජාවා පරිගණක භාෂාව උපකාර කරගන්න පුලුවන්.C/C++ වගේ නොවෙයි ජාවා පරිගණක භාෂාව interpreted පරිගණක භාෂාවක්. ඒ කියන්නේ ජාවා වැඩසටහනක තිබෙන්නේ මැෂින් ඉන්ස්ට්‍රක්ශන්ස් නොවෙයි, ජාවා වර්චුවල් මැෂින් එකට හඳුනාගන්න පුලුවන් ඉන්ස්ට්‍රක්ශන්ස්. ජාවා වර්චුවල් මැෂින් එක තමයි ජාවා වැඩසටහන් ධාවනය කරවන්නේ. එතකොට ජාවා වල එක අවාසියක් තමයි C/C++ තරම් කාර්යක්ශමතාවයක් ලබා නොදීම. ඒ වුනාට ජාවා වල තිබෙන වාසිත් එක්ක බලනකොට අවාසි නොසලකා හැරිය හැකි තරම්. කාර්යක්ශමතාවය පිලිබඳ ගැටලුව උනත් නිරාකරණය කරගන්න පහසුකම් ජාවා තුලින්ම සොයාගන්න පුලුවන්.
ජාවා පරිගණක භාෂාව වස්තු පාදක OO(Object Oriented) පරිගණක භාෂාවක්. මේ නිසා මනාකොට සංවිධානය කරන ලද විශාල ප්‍රමාණයේ පරිගණක වැඩ සටහන් ලිවීමට ජාවා යොදාගන්න පුලුවන්.

No comments:
Post a Comment