අපි දැන් බලමු ජාවා තුල භාවිතාවන දත්ත ආකාර පිළිඹඳ විස්තරයක්
ජාවාහි නිතර භාවිතා වන දත්ත ආකාරයක් වන String දත්ත ආකාරය ඉහත වගුවේ සඳහන් ආකාරයේ දත්ත ආකාර මෙන් මූලික දත්ත ආකාරයක් නොවේ. එය Class එකකි. අපි String විචල්‍යයක් සාදන විට සිදුවන්නේ String object එකක් සෑදීමය. හි ප්‍රාරම්භක අගය (Initial Value) වනුයේ null ය. String අපි classes හා objects පිලිඹඳ ඉදිරි පාඩම් පෙළකදී විස්තරාත්මක ලෙස බලමු.
අපි දැන් බලමු ජාවා වැඩසටහනක් තුල විචල්‍යයන් භාවිතාවන්නේ කොහොමද කියල.
විචල්‍යයන් අර්ථදක්වන අයුරු (Defining a Variable)
Syntax : datatype variable_nameint number;
float temperature ;
String name;
char first_letter;
විචල්‍යයන් සඳහා අගයන් ආදේශ කරන අයුරු (Assigning values)
Sysntax : varial_name = values
number = 1234 ;
temperature = 33.23 ;
name = "dilshan" ;
first = 'k' ;
මෙහිදී අගයන් ආදේශ කිරීමේදී String අගයන් සඳහා ද්වී උද්ධෘත පාඨයන් ද char අගයන් සඳහා තනි උද්ධෘත පාඨයන්ද භාවිතා කල යුතුය.
අවශ්‍ය නම් විචල්‍යය අර්ථ දක්වන විටම වුවද අගයන් ආදේශ කිරීම කල හැක.
උදා : int number =1133 ;
වැඩිදුරටත් හැදෑරීම සඳහා....
http://docs.oracle.com/javase/tutorial/java/nutsandbolts/datatypes.html

No comments:
Post a Comment