Monday, April 9, 2012

බයෝස් අප්ඩේට් කිරීම සරල සිංහලෙන්...PART - 02


මේ බයෝස් අප්ඩේට් කිරීම ගැන පල කරන දෙවන ලිපියයි. පලමු ලිපිය ඔබ තවමත් කියවා නැත්නම් එය කියවීමට මෙතනින් යන්න. ලිපිය හොඳින් කියවන්න. සියලු කරුනු එකතු කර ගන්න. දැං අපි බලමු දෙවනි පාඩම...


බයෝස් අප්ඩේට් කරන එක ඔයාල කිසි කෙනෙක් ආතල් එකට කරන්න යන්න එපා... මොකද මම මගෙ ගෝල බාලයෙක්ට ඕක කියල දීල මිනිහා මැෂින් එකට වෛරස් ආවමත් බයෝස් අප්ඩේට් කරනවා! ලෙඩක් නැත්තම් කිසිම වෙලාවක බයෝස් අප්ඩේට් කරන්න එපා... එපා... එපා...


දැන් මොනවද මේ කියන ලෙඩ...???
මැෂින් එක බූට් වෙන්න ප‍්‍රමාදයි නම්, ඒ කිව්වෙ කලුපාට ස්ක‍්‍රීන් එකේ ගොඩක් වෙලා වාත වෙවී තියෙනවා නම්...
බයොස් එක ඇතුලට ගිහින් එහෙ මෙහෙ යද්දි හිරවෙනවා නම්...
දිනය වෙලාව සේව් කරත් හිටින්නෙ නැත්තම්... (බැටරි හොඳ වුණත්)
නිතර නිතර පෝස්ට් එරර්ස්... ඒ කිව්වෙ F1 ගහන්න, CPU Error Code කියල වගේ එන අවස්ථාවල්...
රැම් එකේ කැපෑසිටිය හරියට පෙන්නන්නෙ නැත්තම්...
අලුත් Processor එකක් දැම්මාම මැෂින් එක හිටපුගමන් හිරවෙනවා නම්...
මදර්බෝඩ් එකේ විවිධ පොර්ට්ස් Support කරන්නෙ නැත්තම්... ඒ කිව්වෙ අපි හිතමු ඔයා අලුත් කාඩ් එකක් ගැහුවා අයිඩෙන්ටිෆයි කරන්නෙ නෑ... එක්කො  මවුස් කීබෝඩ් හිටපු ගමන් වැඩකරන්නෙ නෑ...
ඔන්න ඔය වගේ ලෙඩ ආවොත් (සමහර විට වෛරස් හා වෙනත් දෝෂ වලටත් මෙහෙම වෙනවා.) ඒවාට හොද අත්දැකීමක් තියෙන්න ඕනි ඉතින් දැනගන්න... ඒක මටවත් කාටවත් දෙන්න බෑ... අභ්‍යාසයම තමා!! ගොඩක් දෙනෙක් මේක දැක්කාම හිතයි අනේ මගේ එකෙත් බයොස් තමා කියල...! නමුත් ඔබ නිවැරදි නොවෙන්න පුළුවන්...! වෛරස් නිසා බයොස් චිපය ආසාදනය වුණොත් සොරි... මොකද ඒක ගොඩදාන්න ෆ්ලෑෂ් කරන්නම වෙන නිසා... කොහොම වුණත් ඇවස්ට් (Avast!) කියන වෛරස් ගාඩ් එක බයොස් චිප් පවා ක්ලීන් කරන්න පුළුවන් තරම් ප‍්‍රබල නිසා බය වෙන්න දෙයක් නෑ...!


මේක කරන එකේ මොනා හරි අවධානමක් තියෙනවද... මම ඇහුවෙ බෝඩ් එක යයිද කියලා වගේ...???


ඔව්...!!! ඇත්ත වශයෙන්ම අවධානමක් තියෙනවා... ඒ කියන්නෙ ඔයා මේක කරන්න කලින් Home Work කරල ඉන්න ඕනි. කස කසා... හොටු හූර හූර... බත් කන ගමන්... බූට් කාල ඉන්න වෙලාවට මේක කරන්න බෑ...! නිරවුල් මනසකින් ඉන්න ඕනි... මම දෙන උපදෙස් තිතට කියවල පිළිපදින්නත් ඕනි... UPS එකක් අනිවාර්යයයෙන් තිබිය යුත්තේය... එසේ නොමැති වුණොත් විදුලිබල මණ්ඩලේ සභාපතිගේ මෑණියන්ට හචින් යන්න පටන්ගන්නට ඉඩ තිබේය...!  මොකද බෝඩ් එකට හානියක් වුණොත් අප්ඩේට් වෙන අතරමගදි...? අනාථ පිණ්ඩිකස්ස විහරති ජේතවනේ...! අවසානයට පරිගණකයේ වෙනත් දෝෂ තිබේ නම් විස‍දගන්න... ඒ ඇයි කියල දන්නවද? සමහර වෙලාවට රැම් එක ලෙඩ දෙනවා... හාඩ් එක බයිල ගහනවා... එහෙම වුණොත් අපරාදේ මහන්සිය...


රෙකමන්ඩඩ් වැඩේ නම් පාටිෂන් 4ම ගලෝල අලුතෙන් පාටිෂන් ගහල. දෙයියනේ කියල වින්ඩෝස් දාලා... සියලුම Drivers දාලා ඉවර වෙලා මේක කරොත් තමා හොඳ...


බලපුවාම මේක කියන තරම් ලේසි නෑනෙ...මාර සීන් තියෙන මෙගා නාට්‍යක් වගේ නෙ!? දැන් කොහොමද බයෝස් දාන්නෙ...??


Methods කීපයක් තියෙනවා.
පැරණි බොඩ් වල ගොඩක් විට මේක කරන්න නම් Floppy Drive එකක් සහ Floppy Diskette හොයාගන්න ඕනි. අද කාලෙ ඒක අමාරැ වැඩක්. මොකද ෆ්ලොපි ඩිස්කට් හොයාගත්තත් වැඩකරන Drive එකක් තමා කේස්... ඔන්න ඔය කාරණාව නිසා තමයි තාමත් මදර්බෝඩ් වල Floppy Port එකක් එන්නෙ.
Floppy Disk එකෙන් පුළුවන් බූට් කරද්දිම දෙන්න.
තව පොඩි Utility එකක් හරහා (විවිධ මදර්බොඩ් සදහා ගැලපෙන යුටිලිටි ටූල් රාශියක් ඇත. හැම එකම හරියන්නේද නැත... කියාදෙමි නිවැරදි දේ හොයාගන්න හැටි...:) මේක කරගන්න පුළුවන් වින්ඩොස් වල ඩෙස්ක්ටොප් එකේ ඉ‍ඳගෙනම. මේක තමයි සරලම වැඩේ.
Online කරන්න පුළුවන් අර වගේම විශේෂ ටූල් එකක් හරහා... ඒක Automatic සිද්ධ වෙනවා... මෙතනදි අපේ ලින්ක් එක Drop වීමේ අවධානම ගැන පොඩි සැකයක් එනවා... ඒත් ඒකෙ සම්භාවිතාව අඩුයි නේද?
ඔක්කොටම කලියෙන් අපි දැනගන්න ඕනි අපේ මදර් බෝර්ඩ් එක මොකක්ද කියලා... බයෝස් වර්ෂන් එක මොකක්ද කියල... මෙන්න මේ ලිංක් පාවිච්චි කරල ඒක හොයන හැටි බලාගන්න. වැඩේ කරන්න කලින් කොල කෑල්ලක මේ හැම දේම සටහන් කරගන්න... මොකද අකුරක්, ඉලක්කමක් එහෙ මෙහෙ වුණොත් ඒකත් කේස් නෙ...


Everest Ultimate, CPU-Z වගේ චූටි ටූල් වලින් මව්පුවරැවේ මොඩලය හොයාගන්න පුළුවන්... මොඩල් එක වගේම වර්ෂන් එකත් ඕනි... වරහන් අස්සෙ (Ver 1.0/Ver 1.1/Ver 2.0) වගේ බෝඩ් එකේ සටහන් කරල තියෙනවා...


හොදම විදිය තමයි බෝඩ් එකට ටෝච් එකක් ගහල බලන එක... පෙළක් බෝඩ් වල මොඩල් එක හොයනවට වඩා හොදයි... පස්ස හපාගෙන මැරෙන එක! එක එක තැන් වල ගහල...!කඩේ උන් ඒක උඩ වොරන්ටි ස්ටිකර් අලෝල...! එක්කො බ්‍රෑන්ඩඩ් බෝඩ් වල මොඩල් එක නෑ...!  MSI වල තියෙන්නෙ MS-7046 වගේ කොඩ් එකක්... පිස්සු පීකුදු වෙන්නෙ ඔය වෙලාවට... හොදම විහිලුව තමයි ගොඩක් යූසර් මැනුවල්, හෑන්ඩ් බුක් ලියන්නෙ සාමාන්‍ය පරිශිලකයන්ට, අපි වගේ පිස්සු යක්කුන්ට තේරෙන්න නෙවෙයි... ඉංජිනේරුවන්ට තේරෙන්න...! ඒකෙ තියෙන ඉංගී‍්‍රසි රැජින වත් දන් නෑ...! එක නිසා Motherboard Manual කියෝ කියෝ කලෙ කන්න එපා... මදර්බෝඩ් එකේ පෙට්ටිය තියේ නම් ගොඩ... ඒත් මොන පෙට්ටිද?? 


මෙන්න ලින්ක්


http://www.download.com/3000-2086_4-1066
http://www.cpuid.com/softwares/cpu-z.html


දෙවැනි කාරනේ බයෝස් වර්ෂන් එක බලන එක... ඒකත් ලේසිම නෑ... බයෝස් වල System Information වගේ පළවෙනි ටැබ් 2ක කින් එකක තමයි ඕක තියෙන්නෙ. ඊට වඩා ලේසියි මෙහෙම හොයන එක...


System Information!


Click on Start, choose Run and type in msinfo32 This will bring up the Windows System information dialog box.


දැන් අපි දෙයියනේ කියල බයෝස් දාමු... හැබැයි තව දවසකින් දෙකකින්... ලිපි දිග වැඩි නිසා ඊලග එකත් 2ට කඩන්නම වෙනවා යාලුවනේ... එතකොට කොටස් 4යි... මෙහෙම ලියන්නෙ කම්මැලි නැතිව කියවන්නයි. ඕනෑම දැනුම මට්ටමකට තේරෙන්නයි... මටත් පොර ටෝක් දෙන්න තිබ්බා... ඒත් මට ඔයාලව අමාරුවෙ දාන්න බෑ...


මම හිතනවා මේ ලිපි මාලාව ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාලා කියන්න. මොකද ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි ඉතිරි ලිපි ඉක්මනට දාන්න ඕන කරන ආසාව වැඩිවෙන්නෙ. එහෙනම් දෙවැනි කොටසින් හමුවෙමු. ස්තූතියි...

2 comments: