ඔන්න උසස් පෙල කරල සොෆ්ට්වෙයා engineering course එකක් කරල degree එකත් අරගත්ත කියමුකො. අපි බලමු සොෆ්ට්වෙයා engineer කෙනෙකුගෙ වගකිම මොකක්ද කියලා ....
මුලින්ම බලමු degree එක අරගත්තට පස්සෙ අපිට job එක ලැබෙන්නෙ මොන වගෙ company වලද කියලා...
1 . Mobitel , Dialog , Etisalat......වගේ company වල.
2. සොෆ්ට්වෙයා company’s වල , VIRTUSA වගෙ company වල
දැන් ඔය මොන company එකේ වුනත් සමහර ආවේනික නීති තියනවා. අපිට කොහේ Job එක ලැබුනත් අපි පලවෙනි මාස 3 වගෙ කාලය Training Period එක ලෙස තමයි සැලකෙන්නෙ. ඒ කාලෙදි මෙයාලා අපිව check කරනව කියල කිව්වොත් නිවැරදියි. ඒ කියන්නෙ අපේ අඩු පාඩු , අපේ කාර්යක්ශමතාවය , අපේ දක්ශතාවය , මිත්රශිලිත්වය , අපි කරන වැඩ වල නිරවද්‍යභාවය එහෙම මෙ මාස 3 කාලය ඇතුලත මෙයාල පරික්ශා කරල බලනවා.
ඔන්න දැන් තමයි ප්‍රධානම දේ... අර මම කිව්ව මාස 3 ඇතුලත අපි වැඩ පෙන්නලා අපේ ජොබ් එක Permanent වුනා කියමුකො. දැන් අපිට Company එකෙ IT section එකෙ Leader කරන්නෙ නැහැ . ක්‍රමානුකූලව තමයි අපිට promotion ලැබෙන්නෙ. මේ සදහා බලපාන ප්‍රධානතම සාධකය තමයි working experience.
Working experience වැඩි වෙන්න වැඩි වෙන්න පඩිය සහ තනතුර ඉහල යනව.
මොනවද මේ තනතුරු ?
1. Trainee programmer :- අපි මොන Institute එකෙන් degree එක ගත්තත් , අපි ලක්ශ කියක් වියදම් කලත් අපිට working experience නැත්තම් අපිට ලැබෙන්නේ මෙන්න මේ තනතුර තමයි. Trainee programmer කෙනෙකුගෙ වගකිම තමයි programme කරන දෙය පිලිබදව නිරික්ශනය කිරිම සහ programmers ලට උදව් කිරිම.
2. Programmer :- මොහුට කිරිමට ඇත්තේ දෙන ලද Pseudo code එක ලිවිම සහ එහි එන errors check කර QC එකට pass කිරිමයි.
3. Analyst programmer :- මොහුට තිබෙන්නේ design එක බලාගෙන pseudo code එක type කිරිමයි. තවද අමාරු programmes ලිවිමටද මොහු වෙත පැවරෙන අතර ලියන ලද programmes check කිරිම start මොහුගෙනි.
4. Assistant Software engineer ( Trainee Software engineer ) :- මොහුට තිබෙන්නෙ උඩ පිරිස විසින් analysis කරන එක design කිරිම සහ design කල පසු එය team එක ලවා සෑදවීමයි.
5. Team leader :- මොහුට තිබෙන්නේ ලැබෙන project එකෙ system එක study කර , එයට අනුව අදාල requirements සාදා , process එක document කිරීමයි. තවද තම team එකෙ සාමාජිකයින් හට අදාල වැඩ කොටස පවරා දිමද මොහුගේ වගකිමකි. කලින් කී Assistant Software engineer ට කිරීමට අපහසු වැඩ නිම කරනුයේ ද team leader විසිනි
6. Software Project Manager :- මෙයා තමයි ලොක්කා . මෙයාට තියෙන්නෙ වැඩ බලන්න. සම්පුර්ණ වගකිම මොහු වෙත තමයි පැටවෙන්නෙ. ලොකුම ලොකු TL කරන්න අමාරු වැඩක් ආවොත් project manager ට අත ගහන්නම වෙනව.
ඔන්න ඔහොම තමයි යාලුවනෙ software engineer කෙනෙකුගෙ steps ටික පදනම් වෙන්නෙ. ලැබෙන පඩිය ඉතින් company එක මත වෙනස් වෙනව යාලුවනෙ. :)
වර්තමානයේදී පරිගණක අංශයෙන් දැකිය හැකි ජනප්‍රිය රැකියා.....
Software Engineer
- Quality Assurance Engineer
- Network Engineer
- System Engineer
- Database Engineer
- Hardware Engineer
- Business Systems Analyst
- Software Project Manager
- IT Manager
- Technical Writer
- Web Designer
- Web Master
- Graphic Designer
මේවායින් වඩාත්ම ජනප්‍රිය රැකියා.....
- Software Engineer
- Quality Engineer
- Business System Analyst
- Technical Writers
මෙම රැකියා ලබා ගැනීමට උපාධි ලබා ගත හැකි (සුදුසු) ආයතන..........
- රජයේ සරසවි...
- කොළබ සරසවිය
- මොරටුව සරසවිය
- පේරාදෙණිය සරසවිය
- රුහුණු සරසවිය
- කැළණිය සරසවිය
- විවෘත සරසවිය
රජයේ අනුග්‍රහය ඇති ආයතන
- SLIIT
- NIBM
පුද්ගලික ආයතන
- IIT
- APIIT
- Royal Institute
- IDM
ඔයගොල්ලන්ට මේ ලිපියෙන් ප්‍රයෝජනයක් වුනා නම් කමෙන්ට් එකක් හරි ලයික් පාරක් හරි දාලා යමුකෝ බලන්න....


ගොඩාක් ස්තූතියි යාලුවේ
ReplyDeletethanks මචං.................
ReplyDeleteNSBM ekan software engineering kroth hodaida
ReplyDeleteThank you btother
ReplyDelete